කේරළ ගංජා ග්‍රෑම් 14 ක් ළග තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ කොක්මාදුව, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින මාතර, වැලිගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 14 ක් ළග තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානය සහ කොක්මාදුව, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මාතර, වැලිගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැක කටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරිමේදී ඔහු ලඟ තිබී මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත. නාවික හමුදා භාරයට ගත් මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ක් වන දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, එම පුද්ගලයා සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා වැලිගම, පොලිසිය වෙත බාරදෙන ලදි.