දකුණු නාවික විධානයට අයත් පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

නවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 29) ගාල්ල, දොඩන්ගොඩ පාලම සහ වක්වැල්ල පාලම යට ප්‍රදේශයන් ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවති ශාක කොටස් ඉන් ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කරන ලදී.

මේ දිනවල විටින් විට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගිං ගඟ හරහා වැටී ඇති දොඩන්ගොඩ පාලම සහ වක්වැල්ල පාලම යට ප්‍රදේශය ශාක කඳන් මෙන්ම අපද්‍රව්‍ය විශාල වශයෙන් සිරවී ජලය බැසයාමට නොහැකි සේ අවහිර වී පැවතිණි. එම හේතුවෙන් පාලම් අවට ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමක් පැවතිණි.

ඒ අනුව, දකුණු නාවික විධානය විසින් කිමිදුම් අංශයේ සහ මැරීන් අංශයට අනුයුක්ත කණ්ඩායම් දෙකක් කඩිනමින් එම ස්ථානය වෙත පිටත් කර යවන ලදී. එහිදී, ඔවුන් මහත් පරිශ්‍රමයක් දරමින් අවහිර වී තිබූ ශාක කොටස්, දැව කඳන් මෙන්ම සිරවී තිබූ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කළහ. එමඟින්, ප්‍රදේශයට බලපා තිබූ ගංවතුර අවධානම මුළුමනින්ම ඉවත් කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබිණි.


දොඩන්ගොඩ පාලම ආශ්‍රිත ප්‍රදේශයේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම


වක්වැල්ල පාලම ආශ්‍රිත ප්‍රදේශයේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම