තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් අට දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 30) අළුයම ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් අට දෙනෙකු (8) නාවික හමුදා බාරයට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් අට දෙනෙකු (8) නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී සොයා ගන්නා ලද තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.

පසුගිය දින කිහිපය පුරාම නීති විරෝධී දැල් භාවිතා කරමින් නැගෙනහිර මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට කටයුතු කරනු ලැබු පුද්ගලයින් නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, එමඟින් සාගර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කර අනාගත පරපුරට මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කර දීමට නාවික හමුදාව අපේක්ෂා කෙරේ.