“රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනට සමගාමීව යාපනය තල්සෙවණ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

“ රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට සමගාමිව වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් එක් වැඩසටහනක් අද (අගෝස්තු 29 ) යාපනය, තල් සෙවන වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව ස්වභාවික හේතුන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩිලෙස දුෂණයට ලක්ව තිබු තල් සෙවණ වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා උතුරු නාවික විධානය,යුධ හමුදාව, ගුවන් හමුදාව සහ වෙරළාරක්ෂක දේපාර්තමේන්තුව මෙන්ම ප්‍රදේශයේ ප්‍රජාවද සහභාගි විය.

තවද, සැම නාවික විධානයකම වෙරළ තීරයන් ආවරණය වන පරිදි මෙවැනි වෙරළ පිරිසිදු කිරීමේ පරිසර හිතකාමී වැඩසටහන් රැසක් නාවික හමුදාව ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි.