සැකකටයුතු ධීවර යාත්‍රාවක් සමඟ ධීවරයන් හතරදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 29) පුල්මුඩේ ප්‍රදේශයට නුදුරු මුහුදේ සැක කටයුතු ධීවර යාත්‍රාවක් සහ ධිවරයින් හතර දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

ඒ අනුව, පුල්මුඩේ ප්‍රදේශයට නුදුරු මුහුදේ මුර සංචාරයේ යෙදි සිටි නාවික යාත්‍රාවක් මගින් අයත් ධීවර යාත්‍රාවන් සෝදිසි කරන අතරතුර සැක කටයුතු ලෙස හැසිරුනු ඩිංගි වර්ගයට අයත් ධීවර යාත්‍රාවක් සෝදිසි කිරිමට උත්සාහ කිරීමේදී නාවික හමුදාවේ අණ නොතකා පලා යාමට එම ධීවර යාත්‍රාව උත්සහ කර ඇත. එහිදී, නාවික හමුදා ක්‍රමවේදයට අනූව පලා යමින් සිටි සැක කටයුතු ධිවර යාත්‍රාව වෙත අවවාදාත්මක වෙඩි පහර එල්ල කිරීමෙන් පසු ඉහත සැක කටයුතු යාත්‍රාව නවත්වා ගැනීමට නාවික හමුදාව සමත් විය. අදාල යාත්‍රාව පරික්ෂා කිරිමේදි එහි වලංගු ධීවර බලපත්‍රයක් හෝ වෙනත් නීත්‍යාණුකුල ලියකියවිලි , ධිවර ආම්පන්න හෝ අනන්‍යතාව පැහැදිලි කළ හැකි කිසිදු ලේඛණයක් ඉදිරිපත් කිරීමට එහි ගමන් ගත් පුද්ගලයින් අසමත් වී ඇති අතර ඔවුන් සතුව තිබි රුපියල් පනස් දහසක් වටිනා දේශිය මුදල් ද සොයා ගැනිමට නාවික හමුදාව සමත් විය. එහිදි නාවික හමුදාව විසින් සැකකාර පුද්ගලයින් සිවුදෙනා සහ ඔවුන් ගමන් ගත් ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගත් අතර සැක කරුවන් වයස අවුරුද් 19, 20, 25 සහ 48 වන වියෙහි පසුවන පුද්ගලයන් බවට හඳුනා ගන්නා ලදී. නාවික හමුදා බාරයට පත් සැකකරුවන් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාර දිමට කටයුතු කරන ලදි.

තවද, ධීවර ආඥාපනත මගින් පවරා ඇති නීත්‍ය‍යානුකූල බලතල අනූව නාවික හමුදාවට විසින් ශ්‍රීලාංකීය මුහුදු තිරයේ ධීවර කටයුතු වල යෙදෙන ධිවර යාත්‍රා පරික්ෂා කිරීම සිදු කරන අතර මෙවැනි පරීක්ෂා කිරීම් මඟින් සාගර කලාපය භාවිතයෙන් සිදුවන නීති විරෝධි ජාවාරමි රැසක් මැඩපැවැත්විමට නාවික හමුදාව සමත් වී ඇත.