නයිජීරියානු ආරක්ෂක උපදේශක කොමදෝරු ඊඕ ෆෙරෙයිරා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

නයිජීරියානු ආරක්ෂක උපදේශක කොමදෝරු ඊඕ ෆෙරෙයිරා මහතා අද (අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

එහිදී, ඔවුන් සුහද කතාබහක නිරත වු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ සහ පළක හුවමාරුවක් ද සිදු කෙරිණි.