ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ

මේජර් ජෙනරාල් යු සුරේශ් කුමාර් ( Major General U. Suresh Kumar) ගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය දූත පිරිසක් අද (අගොස්තු 27) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

ඒ අනුව ඉන්දීය දූත මණ්ඩල ප්‍රධානී, මේජර් ජෙනරාල් යු සුරේශ් කුමාර් විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවී සුහද කථාබහක නිරත වු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. ඉන් අනතුරුව, ජාතික ආරක්ෂක අරමුණු ළඟාකර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් දුත පිරිස දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි විය.