නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩ සටහනක් යාපනයේ වඩමාරච්චි හිදී පවත්වයි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව වඩමාරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගුරුවරුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩසටහනක් වඩමාරච්චි කලාප අධ්‍යාපන කාර්යාලයේදී 2019 අගෝස්තු මස 26 වන දින ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකායේ නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් පැවැත්විය.

ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් පරිදි ම‍තින් තොර රටක් බිහිකිරීමේ උදාරතර අරමුණ පෙරදැරි කර ගනිමින් අනාගත දරු පරපුර මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර දරු පිරිසක් බවට පත් කිරීම මෙම ක්‍රියාදාමයේ මූලික අරමුණ වේ. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් ආවරණය වන පරිදි සිදුකරන මෙම වැඩසටහන් මාලාවේ වඩමාරච්චි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පැවැත්වු මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු තෙවන වැඩ සටහන සඳහා වඩමාරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් නියෝජනය කරමින් ගුරුවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.