සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2019 අගෝස්තු 25 වන දින උතුරු මැද නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව උතුරු මැද නාවික විධානය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලන විද්‍යාපීඨයේ ආදිවිද්‍යාර්ථයින්ගේ සංගමය හා ඒකාබද්ධව නරවිලකුලම් කලපුව ආශ්‍රිත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් කඩොලාන පැළ සිටුවීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළ අතර, එහිදී කඩොලාන පැළ 1250 ක ප්‍රමාණයක් සිටුවන ලදී.

තවද, මන්නාරම, තාල්පාඩු වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් පිරිසිදු කිරිමේ වැඩ සටහනනක් ද ක්‍රියාත්මක කළ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලන විද්‍යාපීඨයේ ආදිවිද්‍යාර්ථයින්ගේ සංගමයේ සාමාජිකයින් සහ උතුරු මැද නාවික විධානයට අයත් නිලධාරීන් හා නාවිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.එමෙන්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ “නීල හරිත’’පාරිසරික සංකල්පයට අනුව නාවික හමුදාව විසින් මෙවැනි වැඩසටහන් දිවයින වටා වෙරළ කලාපය ආවරණය වන පරිදි සෑම නාවික විධානයකම සිදු කරනු ලබයි.