ආපදාවට පත් ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ තොගයක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 24 වන දින තලෙයිමන්නාරම, ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වු මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ කිලෝ ග්‍රෑම් 120 ක් සොයාගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානය විසින් මුර සංචාරය සඳහා යොදවා තිබූ නාවික යාත්‍රාවක් මගින් අනතුරට පත්ව මුහුදේ පාවෙමින් තිබු ඩිංගි යාත්‍රාවක් පරික්ෂා කිරිමේදි එහි තිබි බීඩි කොළ කිලෝ ග්‍රෑම් 120 ක් සහිත පාර්සල් දෙකක් සොයා ගෙන ඇත.

තවද, මෙම අනතුරට පත් යාත්‍රවේ ධීවරයන් දෙදෙනෙකු පැමිණ ඇති අතර, ඉන් එක් ධීවරයෙකුගේ දිවි බේරාගෙන ඇත. තවද, අනික් ධීවරයා සොයා නාවික හමුදාව මෙහෙයුමක් දියත් කරමින් පවති. මෙලෙස සොයාගත් බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාරදෙන ලදි.