නාවික හමුදා ජිවිතාරක්‍ෂක පුහුණු අභ්‍යාසයක් කිලාලී කලපුවේදී

ගංවතුර හා අනෙකුත් ස්වභාවික ආපදා තත්වයන්හීදී මුදවා ගැනීමේ මෙහෙයුම් වලදී ජිවිතාරක්‍ෂක ක්‍රම පිළිබඳව වූ පුහුණු අභ්‍යාසයක් 2019 ජූලි 30 වන දින කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රදේශයේදී සාර්ථකව නිමාවට පත්විය.

එහිදී ජලයේ ගිලෙමින් සිටින, ජලයේ ගසාගෙන යන පුද්ගලයන් වේගවත්ව, ආරක්‍ෂාකාරීව හා ජිවිතාරක්‍ෂක උපකරණ නිවැරදිව භාවිතා කරමින් මුදවා ගන්නා ආකාරය සහ පිහිනීමේ තාක්‍ෂණික ක්‍රමවේදයන් පිළිබඳව සහභාගිවු කණ්ඩායම් සඳහා පුළුල් දැනුමක් ලබා දිමට කටයුතු කෙරුණි. එමඟින් නාවික පුද්ගලයින් වශයෙන් හදිසි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුමක් ලබා ගැනීමට අවස්ථාව උදා වීය.

මෙම අභ්‍යාසය සඳහා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) සහ කිමිදුම් යන අංශයන්ගේ නාවිකයින් සහභාගිවී සිටි අතර, මෙම අභ්‍යාසය භාරව ලුතිනන් ජීජේඩී බුද්ධදාස කටයුතු කරන ලදී.