‘Scorpion Shotgun’ තරඟාවලියේ ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදාව සමත්වෙයි

අන්තර්ජාතික ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය සංවිධානය කරන ලද ‘Scorpion Shotgun’ තරඟාවලිය 2019 ජුලි 26 වන දින සිට 28 වන දින දක්වා පානලුව, යුධ හමුදා වෙඩිපිටි‍යේදි පැවැති අතර, එහිදී නාවික හමුදා වෙඩිතැබීමේ සංචිතය ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට සමත් විය.

ඒ අනුව, මෙම තරගාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත දක්වා ඇති කණ්ඩායම් ඉසව්වන් සදහා සහභාගි වු අතර, එම සහභාගි වූ සෑම කණ්ඩායම් ඉසව්වක්ම ජයග්‍රහණය කර රන් පදක්කම් හිමි කර ගැනීමට සමත් වන ලදී.

Standard Manual division (Men)

Standard Manual division (Women)

Standard division (Men)

Man VS Man Standard Manual division

එමෙන්ම, කේවල වශයෙන් පැවැති මතු සඳහන් ඉසව් වලින් ජයග්‍රහණ හිමි කර ගැනීමට නාවික හමුදා වෙඩි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර, එමඟින් නාවික හමුදාවට මෙන්ම නාවික හමුදා වෙඩි සංචිතයට ද කීර්තියක් අත්කර දීමට සමත් වන ලදී.

Standard Manual division (Men)

ගුවන් විදුලි කාර්මික කේපීජීඩී ධනුෂ්ක

රන් පදක්කම

Man VS Man Standard Manual division

ගුවන් විදුලි කාර්මික  කේපීජීඩී ධනුෂ්ක රන් පදක්කම

Standard Manual division (Women)

සුළු නිලධාරි ඩබ්එම්ආර් කුමාරි            රිදී පදක්කම   
බල කාන්තා නැවි සීඑන් ජයසිංහ ලෝකඩ පදක්කම

Standard division (Men)

බල නැවි                                           ඩබ්කේඒටීසී පෙරේරා      රන් පදක්කම

නායක නැවි                          

ආර්ඩීඑස් ප්‍රේමශාන්ත    රිදී පදක්කම

බල නැවි                      

ආර්එල්ජී මධුෂන්ක              ලෝකඩ පදක්කම