බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 126.5 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 29) අළුයම මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 126.5 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි කැලෑව තුල සඟවා තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් 04 ක් තුල අසුරා තිබියදි මෙලෙස සොයා ගෙන ඇත.

සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

තවද, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් පසුගිය දින කිහිපය පුරා මන්නාරම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම් වලදි බීඩි කොළ කිලෝග්‍රෑම් 3500 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.