නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 27 වන දින මාතර, කුඩාවැල්ල ධීවර වරායේ සිදු කළ සෝදිසි කිරීමකදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 27 වන දින මාතර, කුඩාවැල්ල ධීවර වරායේ සිදු කළ සෝදිසි කිරීමකදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ තංගල්ල, පට්ටියපොල පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනයේදි මෙම පුද්ගලයා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කරුණු අනාවරණය කරගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 24 ක් වන තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

තවද, මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව තිබි කේරළ ගංජා ග්‍රෑම් 100 ක ප්‍රමාණයක් හමු වූ අත‍ර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා තංගල්ල, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.