පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීමට උත්සහ කළ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 27 වන දින පුල්මුඩේ, කෝකිලායි කළපුවේ මෝය කට ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීමට උත්සහ කළ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීමට උත්සහ කළ මෙම පුද්ගලයින් පස්දෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 27 ත් 43 ත් අතර වියෙහි පසුවන පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී, නීති විරෝධි ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක්, වෝටර්ජෙල් චාර්ජස් 01 ක්, වෝටර්ජෙල් ටියූබ් 1 ක්, විදුලි නොවන ඩෙටනේටර් 05 ක් සහ ආරක්‍ෂිත වෙඩි නුල් 04 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, පුපුරණ ද්‍රව්‍ය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුල්මුඩේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.