කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.9 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 26 වන දින අළුයම තලෙයිමන්නාරම, කහටස් පත්තිරි ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.9 ක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් තලෙයිමන්නාරම, කහටස් පත්තිරි ප්‍රදේශයේදී සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදි සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, එහි තිබි මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත. තවද, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය අතහැර දමා පුද්ගලයින් පලා ගොස් ඇති බවට සැක පළ කෙරේ.

සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර අම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ, පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.