නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 24 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 22) උදෑසන ත්‍රිකුණාමලය, මලේයිමුණ්ඩාල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගනෙහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි තහනම් ධීවර දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවිම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. එහිදි ඩිංගි යාත්‍රා 04 ක්, පිටත දහන යන්ත්‍ර 04 ක් සහ තහනම් ධීවර දැල් 04 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් ධීවර දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.