උප්පාරු ප්‍රදේශයෙන් වෝටර්ජේල් කූරු කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 20 වන දින ත්‍රිකුණාමලය, උප්පාරු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ වෝටර්ජේල් කූරු කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් උප්පාරු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ වෝටර්ජේල් කූරු කිහිපයක් මෙලෙස සොයාගෙන ඇත. එහිදී, අඩි 31 ක් පමණ දිගැති ආරක්‍ෂිත වෙඩි නූලක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 500 ක් සහ වෝටර්ජේල් කූරු 2 ක් සොයා ගෙන ඇත.