නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 21) උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේදී අඩි 40 ක් දිගැති තහනම් ධීවර දැල් 24 සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද උල්ලක්කාලෙයි, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා මෙම තහනම් ධීවර දැල් තොගය සොයා ගෙන ඇති අතර, අදාල ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතූර්, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.