ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘සංකල්ප්’ නෞකාව ගාලු වරායට සේන්දු වෙයි

ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ‘සංකල්ප්’ නෞකාව අද (මැයි 31) සැපයුම් කටයුතු සඳහා ගාලු වරායට සේන්දු විය.

නෞකාව ගාලු වරායට පැමිණීමෙන් අනතුරුව, ‘සංකල්ප්’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ප්‍රශාන්ට් කුමාර් ශර්මා දකුණු නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් කස්සප ගෝඨාභය පෝල් හමුවිය. එහිදී, ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුනු කිහිපයක් පිළිබඳ සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.