දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

බණ්ඩාරවෙල, පනංගල වැවේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

ඒ අනුව, අද (මැයි 31) බණ්ඩාරවෙල, පනංගල වැවේ ගිලුනු පුද්ගලයෙකුගේ මෘත දෙහය සොයා ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ සහය ඉල්ලා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය මඟින් නාවික හමුදාව වෙත කළ දැනුම්දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව ගිණිකොන නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත යැවීමට කටයුතු කල අතර, නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මහත් පරිශ්‍රමයක් දරා දිය යට සැඟව තිබූ එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට සමත් විය. මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා බණ්ඩාරවෙල, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

මෙසේ දියේ ගිලී මරණයට පත්ව ඇත්තේ බණ්ඩාරවෙල, පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචි කරුවකු බව හඳුනාගෙන ඇත.