නාවික හා සාගරික විද්‍යාපීඨයට නව ටෙනිස් ක්‍රිඩාංගණයක්

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉදි කරන ලද නව ටෙනිස් ක්‍රිඩාංගණය අද (මැයි 31) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහගේ සුරතින් විවෘත කරන ලදී.

එම අවස්ථාව සදහා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු උපුල් ද සිල්වා,නාවික හා සාගරික විද්‍යාපිඨය භාර ආඥාපති තුමන් හා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් රැසක් සහභාගිවි සිටියහ.