හෙරෝයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 24) පෑලියගොඩ ප්‍ර‍දේශයේදී හෙරෝයින් ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් පෑලියගොඩ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් වැලිවේරිය සහ කැලණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 සහ 44 වන වියෙහි පසුවන පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පෑලියගොඩ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.