මූතූර් ගෙංගෙයි පාලම යටින් තවත් අවි ආයුධ කිහිපයක් හමුවෙයි

මූතූර් ප්‍රදේශයේ ගෙංගෙයි පාලම යට නාවික හමුදාව විසින් 2019 මැයි 18 වන දින ආරම්භ කරන ලද කිමිදුම් මෙහෙයුම මඟින් තවත් අවි ආයුධ කිහිපයක් 2019 මැයි මස 21 වන දින සොයා ගෙන ඇත.

පසුගිය තෙදින පුරා ගෙංගෙයි පාලම යට සිදු කරන ලද කිමිදුම් මෙහෙයුම් මඟින් අවි ආයුධ කිහිපයක් සොයා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව 2019 මැයි මස 21 වන දින සිදු කරන ලද කිමිදුම් මෙහෙයුම මඟින් තවත් අවි ආයුධ කිහිපයක් සොයා ගන්නා ලදි. එහිදී අත් බෝම්බ 07 ක්, ටී 56 ගිනි අවි සඳහා භාවිතා කරනු ලබන මිමි 7.62 x 39 පතොරම් 34 ක් සමඟ මැගසින් 01 ක්, ටී 56 ගිනි අවියක බෝල්ට් කොටසක් සහ ජංගම දුරකථනයක් සමඟ සිම්පතක් සොයා ගැනීමට සමත්ව ඇත. ඒ අනුව සොයා ගන්නා ලද අවි සහ උපකරණ පිලිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මූතූර්, පොලිසිය වෙත භාර දිමට කටයුතු කරන ලදි.

තවද, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් මූතූර්, ගෙංගෙයි පාලම යට තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.