අවසරපත් නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 28) ත්‍රීකුණාමලය, සෑන්ඩිබේ ප්‍රදේශයේ අවසරපත් නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ සෑන්ඩිබේ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි විසුතුරු මසුන් ඇල්ලීම සඳහා ලබා ගෙන තිබූ අවසරපත මගින් පොකිරිස්සන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, ග්‍රෑම් 550 ක් බරැති පොකිරිස්සෙක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 41 සහ 25 වන වියෙහි පසුවන ත්‍රීකුණාමල උසාවිය පාරෙහි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින්, යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, පොකිරිස්සා ‍සහ අනෙකුත් ධීවර ආම්පන්න ත්‍රීකුණාමලය, සහකාර ධිවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.