කේරළ ගංජා පැකට් 15 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 27 කොළඹ, කිංග්ස්බරි හෝටලය ඉදිරිපටදී කේරළ ගංජා පැකට් 15ක් (ග්‍රෑම් 15 ) සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, කොළඹ ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා අනුයුක්ත කර ඇති බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා පැකට් 15 ක් ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. මෙම කේරළ ගංජා ත්‍රිරෝද රථයක් තුළ සඟවා තිබියදි සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 31, 43 සහ 64 ක් වන මොරටුව සහ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ත්‍රිරෝද රථය සහ කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ කොටුව, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.