නීති විරෝධී ධීවර දැල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 27 කරඩක්කුලි වෙරළ තීරයේදී නීති විරෝධි ධීවර දැල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි ධීවර දැල් සකස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 39 සහ 54 ක් වන වනාතවිල්ලුව සහ වට්ටකන්දල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී, ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ මිටර් 500 දිගැති නීති විරෝධී ධීවර දැල් 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, නීති විරෝධි ධීවර දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.