කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය

පසුගිය අප්‍රේල් 21 වන දින ත්‍රස්ථ ප්‍රහාරයකට ලක්ව දරුණු ලෙස හානියට පත් වු කොළඔ, කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිළිසකර කිරීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 27) ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නගේ උපදෙස් අනුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟපෙන්විම මත නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සෘජු අධික්‍ෂණය යටතේ නාවික හමුදා නිලධාරින් සහ නාවිකයින් 100 කට අධික පිරිසක් මෙම වැඩසටහන සඳහා අනුයුක්ත කරන ලදී.

මෙම වැඩසටහන් මාලාවේ ප්‍රථම අධියර අද දවස පුරා සිදු කරන ලද අතර, එහිදී ප්‍රහාරයෙන් පසු සුන් බුන් වන ලද කොටස් සහ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන්ගේ විනාශ වු බඩු භාහිරාදිය වල කොටස් අධියරයෙන් අධියර ඉවත්කර දේවස්ථානය සම්පුර්ණයෙන් රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් සෝදා පිරිසිදු කරන ලදි.

මේ සඳහා නාවික හමුදාවට අයත් ගිනි නිවීමේ ආපදා රථ, ජල බවුසර්, ට්‍රක් රථ සහ අනෙකුත් උපකරණ යොදාගන්නා ලද අතර, දේවස්ථානය කඩිනමින් අළුත්වැඩියා කර යථාතත්වයට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි.