CARAT නාවික අභ්‍යාසය සඳහා මෙරටට පැමිණි ඇමරිකානු නාවික නෞකාවන්හී නියෝජිතයින් දකුණු නාවික විධාන ආඥාපති හමුවිය

CARAT නාවික අභ්‍යාසය සඳහා මෙරටට පැමිණි ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන්හි නියෝජිත පිරිස ඊයේ (අප්‍රේල් 18) දකුණු නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා විධාන මුලස්ථානයේදී හමුවිය.

එහිදී, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise - 2019) පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ‘මිලිනොකට්’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඊ ලාඕ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් එම් ස්මිඩ්ට් නිලධාරින් ඇතුළු නෞකාවන්හී නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී විය.