නීති වීරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ සිලාවතුර, පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව අද (අප්‍රේල් 18) නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ සිලාවතුර, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව සිලාවතුර, කොක්කුපඩයාන් ප්‍රදේශයේ සිදු කල වැටලිමකදී බොල්රෝ වර්ගයේ කැබ්රථයක් මඟින් ප්‍රවාහනය කරමින් සිටි හක්බෙල්ලන් 349 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 28 ක් වන පුත්තලම, කරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා, කැබ්රථය සහ හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සිලාවතුර, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.