නාවික හමුදාව අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරයි

අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ චාරිත්‍රයේ ජාතික උත්සවයට සමඟාමිව ඊයේ (අප්‍රේල් 17) නාවික හමුදා කඳවුරු පරීශ්‍රයන් තුළදී හිස තෙල් ගෑමේ චාරිත්‍රයන් සිදු ‍කරන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත සියළු නාවික විධානයන්ට අයත් නාවික නෞකා සහ ආයතනයන්හිදි අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරන ලදී. ඒ අනුව හිසතෙල් ගෑමේ උත්සවයක් ඊයේ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී පවත්වන ලදී.

මෙහිදි කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය වනරතන ස්වාමින්වහන්සේ විසින් හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා විධාන මූලස්ථානයට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් සහභාගිවී සිටියහ.