අනවසරයෙන් ගැලවූ කොමාරිකා පැළ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් එක්ව ඊයේ (අප්‍රේල් 16) අනවසරයෙන් කොමාරිකා පැළ ගලවා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව මන්නාරම, ඊරුක්කලම්පීඩ්ඩී ප්‍රදේශයේ සිදු කල වැටලිමකදී රක්‍ෂිතයකට අයත් කොමාරිකා පැළ අනවසරයෙන් ගැලවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර. එහිදී කොමාරිකා පැළ 6500 ක් පමණ හමුවී ඇත. ඒවා උර 15 ක් තුළ බහා ලොරි රථයක් මඟින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 49 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා, කොමාරිකා ‍පැළ තොගය සහ ලොරි රථය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මඩු, වන සංරක්‍ෂණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.