නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 16) ත්‍රිකුණාමලය මහ රෝහලේ පරිශ්‍රයේදී සිදු කෙරිණි.

රුධිර බැංකුවේ හදිසි අවශ්‍යතාවයක් සපුරාලීම සඳහා පවත්වන ලද එම ලේ දන්දීමේ වැඩසටහන නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ ගේ මගපෙන්වීම යටතේ පැවැත්වීය. ඒ සඳහා නාවිකයන් 40 කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කිරීමට එක්වී සිටියහ.