ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2019

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2019 පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අත්පන්දු ක්‍රීඩා පිටියේදී සාර්ථකව නිමාවට පත්වන ලදී. ඒ සඳහා සියළු විධානයන් නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් සහභාගීවි සිටි අතර, දක්ෂතම ක්‍රීඩකයා ලෙස පුහුණු විධානය නියෝජනය කළ මධ්‍ය නිළධාරි ඩිඊඑස් ජයකොඩි විසින් ද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පුහුණු විධානය නි‍යෝජනය කළ බල කාන්තා ශාරිරික අභ්‍යාසක ඒකේකේ අලුත්ගේ විසින්ද දිනා ගන්නා ලදී. ඒ අනුව සමස්ථ තරඟාවලියේ කාන්තා අනු ශූරතාවය බටහිර විධානය ද ශූරතාවය පුහුණු විධානය ද පිරිමි අනු ශූරතාවය නැගෙනහිර විධානය ද ශූරතාවය පුහුණු විධානයද හිමිකර ගැනීමට සමත් විය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති, කපිතාන් (සංඥා) ජනක නිශ්ශංක, ශ්‍රි ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිළධාරි කපිතාන් (නාසෙ) ආර්එස්සිආර් ‍‍ෆොන්සේකා නිළධාරි තුමන් සහ නාවික හමුදා අත්පන්දු සංගමයේ සභාපති, කපිතාන් (විදුලි) ටිඩිඑස් ද සිල්වා නිළධාරි තුමන් ඇතුළු උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම විශාල නාවිකයින් පිරිසක් ද සහභාගිවි සිටියහ.