ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහන සඳහා මෙරටට පැමිණි ඔස්ට්‍රේලියානු දූත පිරිස නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහන සඳහා මෙරටට පැමිණි ‘කැන්බරා’ නෞකාවේ ධජ නිලධාරී, එයාර් කොමදෝරු රිචඩ් ඔවන් මහතා සහ ‘නිව්කාසල්’ නෞකාවේ අණදෙන නිලධාරිණී, කොමාණ්ඩර් ඇනීටා සෙලික් මහත්මිය අද (මාර්තු 24) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා හමුවිය.

එහිදී, ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා ද සහභාගී විය.

තවද, ඊයේ (මාර්තු 23) ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’ නෞකාවන් හී නියෝජිතයින් පිරිස බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා හමුවූ අතර, ‘සක්සස්’ සහ ‘පැරමටා’ නෞකාවන් හී නියෝජිතයින් පිරිස නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, නැගෙනහිර ප්‍රදේශ භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමුවිය.

එහිදී, ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019 වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කළ අතර, එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.