ජ්‍යේෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (පෙබරවාරි 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි. ඒ සදහා රුපියල් මිලියන 15 ක මුදලක් නාවික සහන පදනම මගින් ලබාදෙන ලදි. මෙම අවස්ථාව සඳහා නාවික සහන පදනමේ මුල්‍ය කළමණාකරු ලුතිනන් කොමාණ්ඩර් කේඑම් දයානන්ද ද සහභාගී වීය.

නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යේෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කරනු වස් මෙම පොලී රහිත ණය මුදල ප්‍රදානය කිරීම ආරම්භ කරන ලදී. මේ වන විට ජ්‍යේෂ්ඨ නාවිකයින් 2142 දෙනෙකු සඳහා මෙම ණය මුදල ලබා දීමට නාවික සහන පදනම කටයුතු කොට ඇත. ඉදිරි කාල සීමාව තුළදී, තවත් ජ්‍යේෂ්ඨ නාවිකයන් 3100 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතී.