කේරළ ගංජා කිලෝග්‍රෑම් 42.3 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (පෙබරවාරි 28) උදෑසන මන්නාරම, පුතුකුඩිඉරුප්පු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 42.3 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 37 වන වියෙහි පසුවන මන්නාරම, පුතුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේද (පෙබරවාරි 27) පේදුරුතුඩුවට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.4 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගන්නා ලද අතර, ඉදිරියේදීත් ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය මැඩලිම වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි.