කේරළ ගංජා ග්‍රෑම් 144 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පටිටියපොල, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (පෙබරවාරි 24) නාකුළුගමුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 144 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 54 වන වියෙහි පසුවන වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තංගල්ල, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.