කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.1 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (පෙබරවාරි 23) මන්නාරම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.1 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 30 වන වියෙහි පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.