නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 22) පල්ලියවාසලපාඩු ප්‍රදේශයේ සිදුකළ පා මුර සංචාරයකදී ට්‍රැක්ටර් යොදා ගනිමින් මා දැල් ඇද මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ ට්‍රැක්ටර්යක් සහ අඩි 1800 දිගැති කඹයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් 57 සහ 42 වන වියෙහි පසුවන සින්නපාඩු සහ කොක්කන්තිව් ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ට්‍රැක්ටර්ය සහ කඹය ඉදිරි කටයුතු සඳහා පුත්තලම, ධිවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරුණි.

මිට අමතරව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 22) මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් දෙකක් (02) සොයා ගැනීමට සමත්ව ඇති අතර, අදාල ධීවර දැල් ඉදිරි කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.