කේරළ ගංජා කිලෝග්‍රෑම් 03.83 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් හා එක්ව ඊයේ (පෙබරවාරි 21) කුරුණැගල, කරබේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.83 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පුද්ගලයා කේරළ ගංජා තොගය රැගෙන යමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා 31 වන වියෙහි පසුවන පුත්තලම, පාලවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.