නාවික හමුදාධිපතිතුමන් ගිණිකොන නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (පෙබරවාරි 20) ගිණිකොන නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

පළමුව නාවික හමුදාධිපතිතුමන්, ශ්‍රී ලංකා නාවික නෞකා මහනාඝ ආයතනයේ සරඹ පිටියේදී අංශ පිරික්‍ෂුමෙන් අනතුරුව නැව් මුළුව ඇමතීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව ගිණිකොන නාවික විධානයේ කාර්ය භාර්ය පිළිබඳව නාවික හමුදාධිපතිතුමා දැනුවත් කිරීමේ වැඩසටහනක් විධාන සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විය. පසුව විධාන මෙහෙයුම් මැදිරියේ නිරික්‍ෂණ චාරිකා වාරයක නිරත වූ එතුමන් එම පරිශ්‍රයේ කළුවර පැලයක් රෝපණය කිරීමට කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව සංගමන්ග්‍රාමම් නාවික අනුඛණ්ඩයේ ස්ථාපිත කර ඇති රේඩාර් මධ්‍යස්ථානයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වූ එතුමන් එහිදී එම පරිශ්‍රයේ නා පැලයක් රෝපණය කිරීමට කටයුතු කරන ලදී. පසුව සංගමන්ග්‍රාමම් ප්‍රදේ‍ශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලිම සඳහා ඉතා කෙටි කාලයක් තුල ස්ථාපිත කරන ලද ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කිරීමට නාවික හමුදාධිපතිතුමා එක් වන ලද අතර, එහිදී ප්‍රදේශයේ සිවිල් ජනතාව සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

එමෙන්ම, නාවික හමුදාධිපතිතුමා විසින් ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරික්‍ෂණ චාරිකා වාරයෙන් පසු ශ්‍රීලංනානෞ මහනාඝ ආයතනය විසින් රේඩාර් මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යනු ලබන කල්මුණේ, නාවික අනුඛණ්ඩයේ චාරිකා වාරයක් සිදු කරන ලදී. එහිදි, චාරිකා වාරය සිහිකරනු වස් එම පරිශ්‍රයේ අඹ පැලයක් ද රෝපණය කරන ලද අතර, සංචාරයේ අවසන් අවස්ථාව ලෙස ඔකඳ, මුරුගන් දේවාලය වෙත ගිය නාවික හමුදාධිපතිතුමන් ආශිර්වාද ලබා ගන්නා ලදී.

තවද, මෙම අවස්ථාවන් සඳහා ගිණිකොන නාවික විධානයට අනුයුක්ත ‍සියළුම දෙපාර්ථමේන්තු ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා නාවික නෞකා මහනාඝ ආයතනයේ අණදෙන නිලධාරිතුමා සහභාගිවි සිටියහ.


ශ්‍රී ලංකා නාවික නෞකා මහනාඝ ආයතනයේ නිරික්‍ෂණ චාරිකා වාරය


නාවික අණුඛණ්ඩ සංගමන්ග්‍රාමම් නිරික්‍ෂණ චාරිකා වාරය


නාවික අණුඛණ්ඩ කල්මුණේ සහ ඔලුවිල් නිරික්‍ෂණ චාරිකා වාරය


ඔකඳ, මුරුගන් දේවාලයේ ආශිර්වාද පුජාව