දියේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

මාඋස්ස කැලේ ජලාශයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් ඊයේ (පෙබරවාරි 20) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

මාඋස්ස කැලේ ජලාශයේ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව මස්කෙලිය, පොලිසිය විසින් නාවික හමුදා මුලස්ථානය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව, ක්‍ෂණිකව ක්‍රියාත්මක වු නාවික හමුදාව බටහිර නාවික විධානය‍ට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලද අතර, මහත් පරිශ්‍රමයක් දරා දිය යට සැඟව තිබූ එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගන්නා ලදී

තවද, එම පුද්ගලයා මස්කෙලිය, 08 වන මාවතේ පදිංචි අවුරුදු 31 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර, මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා මස්කෙලිය පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී. නාවික හමුදා කිමිදුම් අංශයේ ලුතිනන් කොමාණ්ඩර් (කිමිදුම්) අමිත් සුරංග ඇතුළු නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් මෙම මෙයෙහුම සිදු කරන ලදී.