බීඩී කොළ කිලෝග්‍රෑම් 529 ක් සොයා ගැනීමට නාවික හමුදා සහාය
 

නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව මන්නාරම පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් අද (ජනවාරි 31) මන්නාරම, නූර් වීදියේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 529 සොයා ගෙන ඇති අතර, මෙම ‍බීඩී කොළ තොගය ලොරි රථයක් මඟින් ප්‍රවාහනය කර ඇත. මෙම බීඩී කොළ තොගය රැගත් ලොරි රථය මන්නාරම, ජුම්මා දේවාස්ථාන පුජා භූමියේ දමා සැකකරුවන් පළාගොස් ඇති අතර, වැඩිදුර පරික්‍ෂණ මන්නාරම් පොලිසිය විසින් සිදු කරනු ලබයි.