කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 25) සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) මන්නාරම නගරයේදී අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පුද්ගලයින් වෑන් රථයකින් කේරළ ගංජා අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, වෑන් රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, මෙම වසර තුළ පමණක් නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, මෙරට මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානය යොමු කරමින් ඒ සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.