නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පසුගිය ජනවාරි 21 සහ 22 වන දින නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත් අතර, නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් ද එතුමා වෙත පුද කෙරිණි.

පළමුව නාවික හමුදාධිපතිතුමන්, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය, ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි සහ ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයන්හි සංචාරය කරන ලද අතර, එහිදී ආයතනයන්ට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් ඇමතීමට ද කටයුතු කරන ලදී. එම කර්තව්‍යයෙන් අනතුරුව, නාවික හමුදාධිපතිතුමන් නැගෙනහිර නාවික විධානයේ සියළුම නිලධාරීන් සහ නාවිකයින් ඇමතීමට ද කටයුතු කෙරිණි. එහිදී, ඔවුන්ට පැවරී ඇති රාජකාරීන් මැනවින් ඉටු කිරීම උදෙසා අවශ්‍ය උපදෙස් රැසක් ඇතුළු ඉතා වැදගත් කාරුණු කීහිපයක් අවධාරණය කළ එතුමා එම සියළු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යැයි සුභ පැතුම් එක් කරන ලදී.

ඉන් අනතුරුව, ත්‍රිකුණාමලය පිහිටි නාවික හමුදා කිමිදුම් අංශයේ නිරික්‍ෂණ චාරිකා වාරයක නිරත වූ නාවික හමුදාධිපතිතුමා එම ඒකකයට අනුයුක්ත නාවික පුද්ගලයින් ඇමතීමට කටයුතු කරන ලදී. අනතුරුව නාවික හමුදාධිපතිතුමාගේ පැමිණිම සනිටුහන් කරමින් විධාන කිමිදුම් නිලධාරි (නැගෙනහිර), ‍ලුතිනන් කොමාණ්ඩර් නිශාන්ත බාලසූරිය මහතා විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

පසුව නාවික හමුදාධිපතිතුමන් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන්හි නිරික්‍ෂණ චාරිකා වාරයක නිරත විමෙන් පසු යාත්‍රාවන්ට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් ඇමතීමට කටයුතු ‍කරන ලදී. අනතුරුව නැගෙනහිර නාවික විධානය තුළ නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ව්‍යාපෘතින්වල නිරික්‍ෂණ චාරිකා වාරයක නිරත වන ලද අතර, එහිදී නාවික හමුදාධිපතිතුමන් එම ව්‍යාපෘති කඩිනමින් සිදු කිරීමට අදාල නිලධාරින් හට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදාධිපති වශයෙන් වැඩභාර ගැනීමෙන් පසු සිදු කළ ප්‍රථම සංචාරය සාර්ථක ලෙස නිමා කරන ලදී


නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති නාවික හමුදා විශේෂ සම්මාන ආචාරය


ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයේ නිරික්‍ෂණ චාරිකා වාරය


ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනයේ නිරික්‍ෂණ චාරිකා වාරය


ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයේ නිරික්‍ෂණ චාරිකා වාරය


නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර නාවික විධානයේ සියළුම නිලධාරීන් සහ නාවිකයින් ඇමතීම


විධාන කිමිදුම් ඒකකය (නැගෙනහිර) හි නිරික්‍ෂණ චාරිකා වාරය


වේග ප්‍රහාරක යාත්‍රාවන්හි නිරික්‍ෂණ චාරිකා වාරය


නැගෙනහිර නාවික විධානයේ ව්‍යාපෘතිවල නිරික්‍ෂණ චාරිකා වාරය