කළු ග‍ඟේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරා ගැනේ
 

දකුණු කළුතර පොලිසිය විසින් කළ ඉල්ලිමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක නාවිකයින් පිරිසක් විසින් ඊයේ සන්ධ්‍යාවේ (ජනවාරි 24) කළු ග‍ඟේ උතුරු පාලම අසල දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට සමත් විය.

මෙසේ ‍බේරා ගනු ලැබුවේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි තුෂාර දිලිප නැමැති වයස අවුරුදු 30 ක් වයැසැති පිරිමි පුද්ගලයෙකු වන අතර, ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා කළුතර, මහ රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කරන ලදී.