සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ජනවාරි 22 වන දින අම්බාන් ප්‍රදේශයේ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී. එහිදී, මිමි 81 වර්ගයේ මෝටාර් බෝම්බ 47 ක් සහ පීඩන බෝම්බ 04 ක් සොයා ගන්නා ලද අතර, එම බෝම්බ මනල්කාඩු, පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත රැගෙන ගොස් විනාශ කිරීමට කටයුතු ලදී.