‘අන්ගි කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
 

RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ‘අන්ගි කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජනවාරි මස 19 වන දින බොල්ගොඩ ජලාශයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC) සහ කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) ඇතුළුව රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 42 දෙනෙකු රුවල් යාත්‍රා 24 ක් සමඟින් සහභාගී වන ලදී.

තවද, නාවික හමුදා කණ්ඩායම සිය දක්‍ෂතා දක්වමින් විවිධ ඉසව්වලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනිමින් සියළුම රුවල් ඔරු සමාජ අභිබවා ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් විය.

විවෘත (Open)

සප්‍රසුනි ඩබ්ඒආර් නිශාන්ත ප්‍රථම ස්ථානය
සුළු නිලධාරී එන්ජීඑම්යු ගුණවර්ධන
     
සුළු නිලධාරි කේජීසීයූඑස් බණ්ඩාර දෙවන ස්ථානය
     
බල සෙබළ යූඩී රාජපක්‍ෂ තෙවන ස්ථානය


එන්ටප්‍රයිස් (Enterprise)

සප්‍රසුනි ඩබ්ඒආර් නිශාන්ත ප්‍රථම ස්ථානය
සුළු නිලධාරී එන්ජීඑම්යු ගුණවර්ධන
     
නායක නැවි ඩබ්එම්සී මාරඹේ දෙවන ස්ථානය
ඉංජිනේරු කාර්මික (සිඉ) ඒ‍එස්කේ සොයිසා
     
සුළු නිලධාරි ඩබ්පීයූඑස් කුමාර තෙවන ස්ථානය
නායක නැවි ඒඑම්ජේපී අත්තනායක


ලේසර් (Laser)

සුළු නිලධාරි කේජීසීයූඑස් බණ්ඩාර ප්‍රථම ස්ථානය
     
බල සෙබළ යූඩී රාජපක්‍ෂ දෙවන ස්ථානය
     
සුළු නිලධාරි ජේඑම්පීඑල් ජයසුරිය තෙවන ස්ථානය