නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 05 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (ජනවාරි 20) ත්‍රිකුණාමලය, බැක්බේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 43 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල, යාත්‍රාව, මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කරන ලදී.